අයෙමත් එකම එක දවසක
ඇවිත් යන්නට එන්න සවසක
සමු අරන් යන්නට නිමේෂෙක
ඔබට මා මගහැරුණු හීනෙක.....
වළාකුළු බැම්මට දුරින් ඉඳ
දඟ කරන කෙහෙරැළි සුළං වැද
රොබෝරෝසිය මල් සුවඳ විඳ
යන්න එනවද නුවර ඔබ අද.....
කඳුළු පුරවන් දෙනෙත් මානෙක
සමුගන්න අවසරයි මොහොතක
සැඟව යන හිරු සවස් යාමේක
හිනා වෙමු අපි අහිමි ප්‍රේමෙක.......
___තරු___
